(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල මහමෝදර පැලවත්ත ප්‍රදේශයේ දි දේපාර්ශවයක් අතර ඇතිවු ගැටුමකින් 06 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
පාපන්දු ක්‍රීඩා තරගයදි ඇතිවු පැරණි ආරවුලක් සම්බන්දයෙන් මෙම ගැටුම ඇතිවි තිබෙන බව පොලිසිය පවසයි.
මොවුන් කඩු පොලුවලින් පහරදිගෙන ඇති අතර යතුරුපැදි 04කට හා ත්‍රිරෝද රථයකට ද අලාභහානිවි ඇති බැව් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. මෙහිදි එක් කණ්ඩායමක් පළමුව පැලවත්ත ගම්මනායට ගොස් ඇත.
එහිදි අනික් පාර්ශවයේ පිරිස මග හරස්කොට මෙම පිරිස පලවා හැර ඇත. පසුව ඔවුන් සන්නද්ධ වි තවත් පිරිසක් සමග යලි පැලවත්ත ගම්මානයට පැමිණ තිබේ.
එහිදි දේපාර්ශවය අතර මෙම ගැටුම ඇතිවි තිබෙන බව පොලිසිය පවසයි. මෙකි ගැටුම සම්බන්දයෙන් පුද්ගලයින් 07 දෙනෙකු ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ගැටුමට තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනිමට නියමිතව ඇති බව පොලිසිය පවසයි
ගාල්ල මුලස්ථාන පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ පොලිස් නිලධාරින් විසින් මෙකි ගැටුම පාලනය කිරිමට කටයුතු කරණු ලැබිය.
ඊයේ රාත්‍රියේම ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර, ගාල්ල කොට්ඨාශභාර පොලිස් අධිකාරි විකුම් ගිණිගේ, ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපතිද සිල්වා ඇතුළු පොලිස් නිලධාරින් රාත්‍රියේම එම ස්ථානයට ගොස් ගැටුම සමතයකට පත් කිරිමට කටයුතු කරණු ලැබිය.
ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙපිරිසක ගැටුමකින් 6 ක් රෝහලේ