( එස්.ඩි. කොඩිකාර )
මීට දින හයකට පමණ ඉහතදී මිය ගිය පිරිමි නරක් වූ මළ සිරුරක් අද (23) ඉළුක්පිටිය ,කිරිලිපනහේන ලන්ද ප්‍රදේශයේ තිබියදී සොයා ගත් බව කොස්මෝදර පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ (77) හැවිරිදි අවිවාහක ඉගුරුවැල් දෙනිය,ඉළුක්පිටිය ,කොටපොළ ලිපිනයේ පදිංචි පනාගොඩ ගමගේ ධර්මදාස නැමැත්තෙකු බව පොලිසිය කියයි .
මියගිය තැනැත්තා අත් බෙහෙත් කරන පුද්ගලයෙකු බවත් ඉකුත් (17) වන දින සිට ඔහු නිවසෙන් බැහැරව ගොස් ඇති බවත් එදින සිට ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොලැබුණු බව නිවැසියන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
පසුව අද උදෑසන ගම්වාසියෙකුට කිරිලිපනහේන නැමති ලඳු කැලෑවෙන් දුගදක් හමා ඇති බවත් එම ප්‍රදේශයට ගොස් නිරීක්ෂණය කිරීමේ දී මිය ගිය නරක් වූ මළ සිරුරක් දැක ඒ සම්බන්ධයෙන් පොලිසියට දන්වා ඇත .
පසුව පොලීසිය සමඟ එම ස්ථානයට පැමිණි දෙනියාය හදිසි මරණ පරීක්ෂක කේ.ඒ.ජයන්ත මහතා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය කිරීම සඳහා මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යවන ලෙස නියෝග කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.