(මොහොමඩ් ආසික්)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව, ‘හැදෙන රටට වැඩෙන ගසක්’ වැඩසටහනට අනුව, දුනුවිල වැව රක්ෂිතයේදී අද(01) පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙය සංවිධානය කරන ලදී.
දුනුවිල රජ මහා විහාරාධිපති පූජ්‍ය උඩංගමුවේ වජිරඤාණ හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ අකුරණ ප්‍රාදේශීය ලේකම් ඒ.එච්.එච්. ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණ.
මෙයට සහභාගී වූවෝ කුඹුක්, මී සහ කරඳ පැළ වැව රක්ෂිතය වටා රෝපණය කළහ.
මෙම අවස්ථාවට අකුරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණි වසන්තු කුමාර, හිටපු උපසභාපති ඩී. යූ. ජී.කරුණාදාස යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd