(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා )
ළිඳකට වැටී මිය ගිය 39 හැවිරිදි දෙදරු මවකගේ මළ සිරුරක් අද (20) සොයා ගත් බව හබරාදුව පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ හබරාදුව කටුකුරුන්ද පත්තිනි ගෙවත්තේ පදිංචිව සිටි මීගහ ලන්ද දුරගේ දීපිකා ප්‍රියංගනී නැමති තැනැත්තියකි.
මළ සිරුර පිළිබඳ මූලික මරණ පරීක්ෂණය සිද්ධිය වූ ස්ථානයේ දී හබරාදුව අඟුලුගහ හදිසි මරණ පරීක්ෂක කමල් ගාමිණී තිලක මහතා විසින් සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යවා තිබේ.
හබරාදූව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd