IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දෙදින නිල සංචාරයක් සඳහා ජපන් විදෙස් ඇමැති ලංකාවට

(තිළිණි ද සිල්වා)


ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (28 ) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කරයි.


දෙරට අතර පවතින ද්විපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කිරිම ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ බව ජපාන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.


මෙම සංචාරය තුළදී ජපාන රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවට නාවික මුර යාත්‍රා දෙකක් පිරිනැමීම ද සිදු කිරිමට නියමිත අතර එම නාවික මුර යාත්‍රාවන් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරීමට නියමිතය.


මෙමගින්  ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව වර්ධනය සහ සමුද්‍රීය සීමාවන්හි පාලනය ශක්තිමත් කර ගැනිමට උපයෝගී වනු ඇති බව ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේය.


මෙම සංචාරය තුළදී ජපාන රාජ්‍ය අමාත්‍ය නකානේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් හමුවිමට ද නියමිතව තිබේ.


පසුගිය සතියේ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ද මෙරට සංචාරයක නිරත විය.



අදහස් (0)

දෙදින නිල සංචාරයක් සඳහා ජපන් විදෙස් ඇමැති ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site