IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


දැඩි කොන්දේසි මත කල්පිටියේ ධීවරයින්ට මුහුදු යන්න අවසර

(පද්මා කුමාරී කංකානම්ගේ )

දැඩි නීතී සහ කොන්දේසි යටතේ කල්පිටි ධීවරයින්ට අද (26) දින සිට මුහුදු යෑමේ අනුමැතිය පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර  නායක මහතා විසින් ලබාදෙන ලදී.
 
කල්පිටිය ප්‍රාදේශිය  ලේකම් කාර්‍යාලයේ දී පැවති ධීවර ප්‍රජා නායක හමුවකදී අද  (26 ) එම අවසරය ලබා දුන්නේය.
 
වෙනත් රටවල සිට පැමිණෙන  ලාංකිකයින් මුහුදු මගින් මෙරටට ඇතුලුවීමේ සූදානමක් පිළිබදව තොරතුරු ලැබී ඇති බවත්,එවැන්නන් ප්‍රවාහනය කිරීම සපුරා තහනම්වන අතර එවැණි ක්‍රියාකාරකමක් පිළිබදව හෝඩුවාවක් ලද හොත්,කල්පිටිය විජය නාවුක හමුදා කදවුර  දැනුවත් කරන ලෙස ද ධීවරයින්ගෙන් ඉල්ලීමක් කළේය.
 
කල්පිටිය විජය නාවුක නෞකාවේ අණදෙන නිළධාරී පී.සී.එම්.ඒ.ටී.පෙරේරා ධීවර ප්‍රජා නියෝජ්තයින් වෙත පහත කොන්දේසි පනවන ලදී.
 
පිටත සවි කරණ ධාරිතා එන්ජිම් සහිත කුඩා බෝට්ටු සහ පාරම්පරික ධීවර යාත්‍රාවන්ට පමණක් මෙම ධීවර මෙහෙයු අවසරය හිමි වේ.
 
එක් යාත්‍රාවක ධීවරයින් දෙදෙනෙකු පමණක් ගමන් ගනිමින් මෙහෙයුම් වල නිරත විය යුතුය.තමන් භාවිතා කරණ පන්න ක්‍රමයට ගැලපෙන පරිදී දිවා රාත්‍රී ධීවර මෙහෙයුම්වල නිරත විය හැකිය.
 
ධිවර මෙහෙයුම් වල නිරතව සිටියදී,තමන් පදිංචි  දිස්ත්‍රික්කයෙන්  පිටත වෙනත් දිස්ත්‍රික්ක කරා  එහා මෙහා සංචරණය විය නොහැක.අසනීප තත්ත්වයෙන් යුතු කිසිවෙකු මුහුදට නොයා යුතුය.
 
මෙම කොන්දේසී කඩ කරන ධීවරයින්ගේ ධීවර බළපත් තහනම් කිරීමට සිදු වන බැව් ද ඒ මහතා පැවසීය.
 
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයතුළ පිටත සවිකරන ධාරිතා එන්ජිම් සහිත කුඩා යාත්‍රා 1500 ක් ද පාරම්පරික ධීවර යාත්‍රා (වල්ලම්,තෙප්පම් සහ ඔරු )650 ක් පමණ ද වේ.
 
මෙම හමුව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී පැවති අතර කල්පිටිය ප්‍රා දේශීය ලේකම් නන්දන සෝම තිලක,ඇතුලු රජයේ නිළධාරීන් රැසක්ම සහභාගී වූහ.  

 

 



අදහස් (0)

දැඩි කොන්දේසි මත කල්පිටියේ ධීවරයින්ට මුහුදු යන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 587 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 502 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 428 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site