(ජේ.කේ.එල් චාමින්ද)
ඇදිරි නිතිය කඩකරමින් දඩැල්ල ආදාහනාගාරයට ඇතුල්වී එහි සේවකයින්ට බැනවැදි තර්ජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අද (10) අත්අඩංගුවට ගත්බව ගාල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
කරාපිටිය ශික්ෂණ රෝහලේ දි මියගිය සිව්දරු පියකුගේ ආදාහන කටයුතු අද දින ජාත්‍යන්තර නිරෝධායන නීතිමාලවට අනුව දඩැල්ල ආදාහනාගාරයේ දී සිදුකෙරිණි.
මෙයට විරෝධය දක්වා සැකකරුවන් දෙදෙනා ආදාහනාගාරයට ඇතුල්වී ආදාහනාගාරයේ සේවකයින්ට බැන තර්ජනය කර ඇති බව පොලිසිය පවසයි.
කෙසේවුවද මියගිය පුද්ගලයාගේ අදාහන කටයුතු දඩැල්ල ආදාහනාගාරයේ දී සිදුකළ බව පොලිසිය කීය.
දැඩැල්ල ආදාහනාගාරයේ දී ආදාහනය කළ සිව්දරු පියාට කොරෝනා ආසාදනය වි නොමැති බව පරික්ෂණවලදි තහවුරු වි තිබුණි.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනා හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලලා අධි ක්‍රියාකාරකම් අකර්මන්‍ය කරන බෙහෙත් විදින ක්‍රම හෝ අතීතයේ නාසීන් අනුගමනය කළ දඬුවම් දෙන්නේ නැත්තේ මොකද මොවුන් වගේ මන්ද මානසිකයින්ට?