IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


දඩයක්කරුවන් නිසා විලපත්තුවේ වනසතුන්ගේ ජීවිත තර්ජනයක

(උපුල් තම්මිට)     
 
පුත්තලම එලුවන්කුලම ප්‍රදේශයෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුළු වන දඩයක්කරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වනසතුන්ගේ ජීවිත තර්ජනයට ලක්ව ඇතැයි එලුවන්කුලම වනජීවී කාර්යාලය පවසයි.

 
වනජීවි කාර්යාලයේ නිලධාරියෙකු පවසා සිටියේ කල්පිටියේ සිට බෝට්ටු මගින් පැමිනෙන පිරිස් හොර රහසේම මොල්ලිකුලම හා පලුගහතුරේ ප්‍රදේශවලින් වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළුවන බවය.
 
පරණ එලුවන්කුලම ගම්මානයේ සංවිධානය වූ පිරිසක්ද මෙම නීති විරෝධී දඩයමේ නිරතවන බවත් අවස්ථා කිහිපයකදී වනෝද්‍යානය තුළදී ගිනි අවි සහ පතුරම් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු රුපියල් 375,000 දක්වා දඩ නියමකිරීමෙන් පසු විල්පත්තුව තුළ නීතිවිරෝධී දඩයම් කිරීම යම් ප්‍රමාණයකට අඩුවී ඇති බවත් හෙතෙම සඳහන් කර සිටියේය.
 
නීති විරෝධී දඩයක්කරුවන්ගෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආරක්ෂා කරගැනීමට වහාම කටයුතු කළ යුතුව ඇතැයි විල්පත්තුව නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ ද පවසති.
 


මේ පිළිබව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා පවසා සිටියේ සංවිධානාත්මක පිරිසක් මෙම කටයුතුවල නිරත වියහැකි බවත් පරණ එළුවන්කුලම ගම්මානයේ  ජනතාව බහුතරයක් ගොවිතැනින් ජීවත්වන අඩු ආදායම්ලාභීන් බවත් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් මෙවැනි ක්‍රියා වැළැක්විය හැකි බවත්ය. එම ගම්වාසීන් නියං සහිත කාලගුනය පවතින අවස්ථාවලදී දුෂ්කරතා රැසකට මුහුණදෙන බව කී ප්‍රාදේශීය ලේකම්වරයා, ඔවුන්ට රැකියා අවස්ථා උත්පාදනය කර  ස්ථිර ආදායම් මාර්ග සඳහා මගපෙන්වීම අත්‍යවශ්‍ය වී ඇතැයිද සඳහන් කර සිටියේය. 
 
වනජීවී පරිසර ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඒ මහතා පවසාසිටියේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සැලසුම් සකස්කළ බවය.
 
ඒ සඳහා අවශ්‍ය සේවක සංඛ්‍යාව ඉහළ දැමීමට කටයුතු කර තිබුණද මැතිවරණ නීතී රීතිවලට අවනත වීම හේතුවෙන් එම කටයුතු තාවකාලිකව අඩපණ වී ඇති බවද, මැතිණයෙන් පසුව විශ්‍රාමික වනජීවී නිලධාරීන් ඇතුලු නව සේවකයන් බඳවාගෙන විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වනසතුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවද අමාත්‍යවරයා පැවසීය.



අදහස් (1)

දඩයක්කරුවන් නිසා විලපත්තුවේ වනසතුන්ගේ ජීවිත තර්ජනයක

S.P Tuesday, 17 March 2020 04:20 AM

ජනපති තුමනි, නරකද ඔය අවට ගම්මාන වල ජීවත් වන උදවිය ටිකක් දුරින් නව නගරයක් හදල පහසුකම් ටිකක් දීලා කර්මාන්ත ශාලාවක් දෙකක් හදල ඉස්සරහට ගත්තොත්. එහම නැතිනම් ඒ ගොල්ලන්ගේ පොඩි අයත් ඔය වැඩේ ඉගනගන්නවා. ඒ වනුවට දරුවෝ හොඳ දේ ඉගන ගනියි.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 206 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1069 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site