සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල
දකුණු පළාත් සභාවේ හත්වැනි සභාවේ පස්වැනි සැසිවාරය දකුණු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා විසින් අද (3) විවෘත කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීය.
මෙම උත්සවයට පැමිණි මාර්ෂල් පෙරේරා මහතා පළාත් සභාවේ ප්‍රධාන දොරටුව අභියස දී දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා විසින් මල්මාලාවක් පළදවා පිළිගන්නා ලදී.
පසුව පළාත් සභාව ඉදිරිපිටදී මාර්ෂල් පෙරේරා මහතා ජාතික කොඩිය ද ශාන් විජේලාල් ද සිල්වා මහතා පළාත් කොඩිය ද ඔසවනු ලැබුහ.
එම අවස්ථාවේ දකුණු පළාත් සභාවේ සභාවේ සභාපති කේ ඒ සෝමවංශ මහතා හම්බන්තොට දිස්ත්‍රික් කොඩියද දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ මහතා ගාල්ල දිස්ත්‍රික් කොඩිය ද පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්‍ර මහතා මාතර දිස්ත්‍රික් කොඩිය ද එසවූහ.
ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ සිසුවියන් පිරිසක් ජයමංගල ගාථා ගායනා කරද්දී ආණ්ඩුකාරවරයා ඇතුළු අමුත්තන් චාරිත්‍රානුකූලව පොල් තෙල් පහන් දැල්වුහ. ඊට පසුව දකුණු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා විසින් පළාත් සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.
ඡායාරූප - සිරිනිහාල් ගමගේ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd