(ප්‍රසන්න පත්මසිරි)
ඌව පළාතේ තේ කර්මාන්තය හා සංචාරක කර්මාන්තය දියුණු කිරීමට චීන රජයේ යුවාන් මේස් නැමති සමාගමත් සමග අවබෝධතා ගිවිසුමකට ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අත්සන් තැබීය.
චීන රජය සමග එක්ව ඌවට විශේෂඥ දැනුම ලබාගෙන චීනයට අවශ්‍ය පරිදි තේ නිෂ්පාදනය කීරීම හා සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමට නියමිතය.
මෙයට අමතරව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා චීනයේ සංස්කෘතිය අතර සබදතා පැවැත්වීමටද නියමිතය.
ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා සහ චීන රජයේ යුවාන් මේස් සමාගමේ විධායක අධ්‍යක්ෂක ලී ලෑන්ඩ් මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.
ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී අවබෝධතා ගිවිසුම අත්සන් කළ අවස්ථාවට ඌව පළාත් සභාවේ නිලධාරීහු සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd