IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තේ කර්මාන්තශාලා සහකාර නිලධාරියා ඝාතනය කරලා

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ රංජිත් රාජපක්‍ෂ


හැටන් දිඹුල පොලිස් වසමට අයත් ගේ‍්‍රටිලි වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ සහකාර තේ කර්මාන්ත නිළධාරියා ඝාතනය කර ඇති බව දිඹුල පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ එස්.තිරුචෙල්වමි නැමැති දෙදරු පියෙකි. 

ඊයේ (06) රාති‍්‍රයේදී  තේ කර්මාන්ත ශාලාවේ  වැඩ අවසන් වි සැමියා නිවසට නොපැමිණිම නිසා  බිරිද විසින් අද ( 07) අලූයම 3.00 ට පමණ තේ කර්මාන්ත ශාලාවට  දුරකථන ඇමතුමක් ලබා දි ඒ පිළිබඳව විමසීමෙන් පසු   නිළධාරියා රාති‍්‍ර 9.00 ට සේවා මුරය අවසන් වි ගිය බව දැනුම් දී තිබේ. 

ඉන් අනතුරුව  කර්මාන්ත ශාලාවේ  සිට ඔහුගේ නිල නිවස වෙත පැමිණෙන මාර්ගය ඔස්සේ  පැමීණි  ඔහුගේ බිරිද ඇතුලූ වතුකම්කරුවන් එක්ව ඔහු පිළිබඳව සෝදිසි කිරීමේදී   කැලෑවක තිබු සිරුර හමු වී ඇති අතර  නිළධාරියාගේ හිසට තියුණූ ආයුධවලින් පහරදි ඝාතනය කර ඇති බව අනාවරණය වි ඇතැයි පොලීසිය සඳහන් කළේය. 

සිරුර කොටගල ප‍්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරික්‍ෂණය අවසන් විමෙන් පසු පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා නුවරඑළිය අධීකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර දිඹුල පොලීසිය සැකකරුවන් සොයා පරීක්ෂණ අරඹා ඇත.



අදහස් (0)

තේ කර්මාන්තශාලා සහකාර නිලධාරියා ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site