(ඩී. ජී. සුගතපාල)
තහනම් පිහියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවෙකුට රුපියල් 2,000ක දඩයක් නියම කර එම පිහිය මුහුදේ ගිල්වා දැමීමට ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(30) නියෝග කළේය.
මෙසේ දඩ නියම වූයේ තලහිටිය විතානගේ සුපුන් චාමින්ද නමැති විත්තිකරුවෙකුටය.
විත්තිකරු අංක තහඩු නොමැති යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ගාල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වක්වැල්ල පාරේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රිය නවතා පරීක්ෂා කර ඇත. එම අවස්ථාවේදී යතුරු පැදියේ සඟවා තිබූ තහනම් පිහිය සොයාගෙන ඇත.
ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශනයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දිනේශ් නිශාන්ත මහතාගේ උපදෙස් පරිදි සැරයන් මහිලාල් (20484) මහතා විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.