(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ අටේ කණුව බොහිල්ජනපදය ප්‍රදේශයේ තිබී ජීව අත්බොම්බයක් අද (02) හමු වූ බව නාවලපිටිය පොලිසිය කියයි.
නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගය පවිත්‍ර කරමින් සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් විසින් මාර්ගය අසළ තිබූ සැක සහිත පොලිතින් උරයක් පරීක්ෂා කිරීමේදි එහි තිබී ඒ.එෆ්.ජී. 87 වර්ගයේ ජීව අත්බොම්බයක් හමු වී ඇති බව පොලිසිය පවසයි.
අත්බොම්බය හමු වූ ස්ථානයට යාබදවම බෝක්කුවක තිබී උප පොලිස් පරීක්ෂකවරයෙකු පළඳින පොලිස් නිල ඇඳුමකට සමාන කමිසයක් ද හමු වී ඇත.
ජීව අත් බොම්බය නිෂ්ක්‍රීය කරන ලෙස ගම්පොල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වෙත නාවලපිටිය පොලිසිය විසින් දැනුම් දී ඇත.
ජීව අත්බොම්බය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.