(රොමේෂ් මධුෂංඛ)
තලෙයිමන්නාරම් සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියට ගව රැලක් වැදීමෙන් ගවයින් සිව්දෙනෙකු මිය ගොස් තිබේ.
තලෙයිමන්නාරම් හා මැදවච්චිය අතර පිහිටි ඉසේමාලත්තාල්වූ ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර දුම්රිය පැමිණෙන අවස්ථාවේදී ගවරැළක් එකවරම දුම්රිය මාර්ගය හරහා දිව යාමට ගත් උත්සහයක දී ගවයින් දුම්රියේ ගැටී ඇත.
ගවයින් ගැටීම හේතුවෙන් දුම්රිය ද මද වේලාවක් එම ස්ථානයේ නවතා පසුව නැවත ධාවන කටයුතු සිදුකර තිබේ.
දුම්රියේ ගවයින් වැදීමෙන් තුවාල වූ ගවයින් කැළෑ වැදී ඇති අතර එම ප්‍රමාණය මෙතෙක් ගණනය කර නොමැත. ගවයින් ඇති කරන්නේ නම් අයිතිකරුවන් ආරක්ෂාකාරීවඔවුන් රැකබලාගත යුතු බව ගම්වාසීහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd