පෙරේරා පුත්තලම
වෙඩි තබා ඝාතනය කළ මුව දෙනකු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පුත්තලම වනජීවී පාලන ඒකකයේ වනජීවී අඩවි ආරක්ෂක නවරත්න බණ්ඩාර මහතා පවසයි.
නවගත්තේගම 644 කිරිමැටියාන ග්‍රාම සේවා වසමේ තල්ගස්වැව ඉස්මත්තේ පිහිටි රක්ෂිත භූමියක මෙම දඩයම සිදුකර ගෙන ගොස් ඇත.
අද (5) අලුයම දෙකට පමණ ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු සතුව තිබී බොර 12 තුවක්කුවක්, ජීව උණ්ඩ 3ක්, හිස් පතුරම් කොපු 3ක්, විදුලි පන්දමක් වනජීවී නිළධාරීන් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්වී ඇති සැකකරු කිරිමැටියාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි වසන්න සිරිවර්ධන නැමැත්තෙකි.
සැකකරු සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.