(පාලිත ආරියවංශ)
බදුල්ල ගගබඩ පාරේදී අද (23) සිදුවූ ත්‍රී රෝද රථ අනතුරකින් පාසල් සිසුන් හය දෙනෙකු තුවාල ලබා ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
සිසුන් තිදෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් සිසුන් තිදෙනා සුළු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
ත්‍රීරෝද රථය මාර්ගයේ නතර කර තිබූ ලොරියක ගැටී පෙරලී මෙම අනතුර සිදුව ඇති බව බදුල්ල පොලිසිය කියයි.
මෙම සිසුන් හයදෙනා බදුල්ලේ ප්‍රසිද්ධ පාසල් දෙකක් අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟයට පෙර පැවැත්වෙන රථ පෙළපාලියට සහභාගී වීමට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
ත්‍රීරෝද රථයේ ගමන් කළ සිසුන් හයදෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd