(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දොඩංගොඩ නැහින්න හන්දිය අසළදී ත්‍රී රෝද රථයක් හා පාසල් සිසුන් රැගත් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි දොඩංගොඩ පොලිසිය පවසයි.
ත්‍රී රෝද රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකු මෙම අනතුරින් මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ නෑබොඩ - ගුඩුගලවත්ත පදිංචි කැලිමුත්තු දිලෙන්දුන් නමැති 35 හැවිරිදි පුද්ගලයෙකු සහ බෝම්බුවිල ගලුකුටියමුල්ල පදිංචි පොන්නම්බලන් සුදාකරන් යන 28 හැවිරිදි පුද්ගලයෙකි.
ත්‍රී රෝද රථය බස් රථයට ඉස්සර කිරීමට යාම හේතුවෙන් අනතුර සිදුව ඇත.
අනතුර සම්බන්ධයෙන් ත්‍රී රෝද රථ රියැදුරු සහ බස් රථ රියැදුරු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රී රෝද රථ රියැදුරුට බලපත්‍රයක් නොමැති බවත් ඔහු මත්පැන් පානය කර ඇති බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වූ බවත් අනාවරණය වූ බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.

2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ත්‍රී රෝද - බස් රථ අනතුරින් දෙදෙනෙක් මරුට