IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ත්‍රස්ත කටයුතුවලට අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් රිමාන්ඩ්

(පුෂ්පකුමාර ජයරත්න)
 
පසුගිය දිනවල රට තුළ සිදුවූ ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් කුරුණෑගල ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළේය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

කුරුණෑගල අළකොලදෙණිය ප්‍රදේශයේ  තවුහීත් ජමාත් සංවිධානයේ පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සඳහා ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ අළකොලදෙණියේ පදිංචි 72 හැවිරිදි ව්‍යාපාරිකයෙකු සමඟ එම ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතුවලට සහායදීමේ චෝදනා යටතේ රිදීගම  පොලිස් බල ප්‍රදේශයේ පදිංචි උප විදුහල්පතිවරයෙකු සහ නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරුවන් මාසයකට අධික කාලයක් අත්අඩංගුවේ පසුවූ බැවින් ඔවුන්ට ඇප ලබාදෙන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉල්ලා සිටියද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඇප ලබාදීමට විරෝධය පළ කළහ. 

එම විරෝධය පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.



අදහස් (0)

ත්‍රස්ත කටයුතුවලට අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site