
(අශෝක තිලකරත්න)
හුංගම මැදඑළියේදී පාපැදියක් ත්‍රී රෝද රථයක ගැටීමෙන් අද (31) සවස සිදු වූ අනතුරෙන් පාපැදිකරු එම ස්ථානයේදී මරණයට පත්වී ඇතැයි හුංගම පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ හුංගම ඉහළගම යාය 16 පදිංචි ශාන්ත සිරිල් ශ්‍රී වර්ණසිංහ (60) නැමති අයෙකි.
මෙම අනතුරට අදාල ත්‍රී රෝද රථයේ රියදුරු හුංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
හුංගම පොලිසිය මෙම මාරක අනතුර සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd