( ඩී.කේ.රත්න )
ඇටම්පිටිය නගරයේ ත‍්‍රීරෝද රථයකින් ගංජා පැකට් ප‍්‍රවාහනය කරමින් සිටි යුද හමුදා විශේෂ බළකායේ සෙබළෙකු අද (19) ත‍්‍රීරෝද රථයත් සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි.
දියතලාව උමංකදුර ප‍්‍රදේශයේ පදිංචි මින්නේරිය ප‍්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවයේ නියුතුව සිටි වයස අවුරුදු 32 යුද හමුදා විශේෂ බළකායේ සෙබළෙකු මෙසේ ඇටම්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇටම්පිටිය නගරයේ ධාවනය වෙමින් තිබූ ත‍්‍රිෙරා්ද රථයක් පරීක්ෂා කිරීමේදී ත‍්‍රීරෝද රථයේ සඟවා තිබූ මෙම ගංජා පැකට් තොගය සොයා ගෙන ඇතැයි පොලීසිය කියයි.
මෙම යුද හමුදා විශේෂ බළකායේ සෙබලා නිවාඩුවකට සිය නිවසට පැමිණ ඇටම්පිටිය ප‍්‍රදේශයේ මළ ගෙදරකට සහභාගීවීම සඳහා ත‍්‍රීරෝද රථයකින් යමින් සිටියදී මෙසේ පොලීසියට හසුවී තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.