(පාලිත ආරියවංශ හා නිශාන්ත කුමාර)
බදුල්ල - මහියංගණය මාර්ගයේ තල්දෙන 12 කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනයවී අද(31) සිදුවූ අනතුරකින් රියදුරු ඇතුලු හයදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට සහ මීගහකිවුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බදුල්ල පොලිසිය කියයි.
අඩි 8 ක් පමණ පහතට පෙරළුණ ත්‍රිරෝද රථය ගසක ගැටී නතර වී තිබිණි.
හාලිඇල සිට මීගහකිවුල බලගොල්ල වෙත යමින් සිටි පිරිසක් මෙසේ අනතුරට පත්වතිබේ.
තිදෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පවසයි. බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - නිශාන්ත කුමාර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd