
(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ අනුරුද්ධගම හංදිය අසලදී අද (05) සවස සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන්ගත තරුණයෙකු මිය ගිය බව ඇල්පිටිය පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ ඇල්පිටිය ඉගල ජයන්ති මාවතේ පදිංචි නිෂද ලක්මල් ඈපා නැමැති 20 හැවිරිදි තරුණයෙකි.
කුරුදුගහතැප්ම සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය කරමින් සිටි ත්‍රිරෝද රථයක් අනුරුද්ධගම හංදියේදී අනුරුද්ධගම දෙසට හරවද්දී ඒ දෙසටම ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් ත්‍රිරෝද රථයේ දකුණු පස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.බරපතල තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් කළ තරුණයා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර කරමින් සිටියදී මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
අනතුරට ලක්වූ ත්‍රිරෝද රථයේ රියදුරා ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය තරුණයාගේ මරණ පරීක්ෂණය හෙට (06) සිදුකිරීමට නියමිතය. ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ත්‍රිරෝද රථයේ ගැටී යතුරුපැදිකරු මරුට