(ඩී.ජී.සුගතපාල)
අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගයේ බොරකන්ද ප්‍රදේශයේදි තරුණයින් තිදෙනෙකු ගමන් ගත යතුරුපැදියක් අද (21) අලුයම තාප්පයක හැපීමෙන් එක් අයෙකු එම ස්ථානයේම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ අනෙක් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (20) රාත්‍රි ඇල්පිටිය නගරයේ පැවති සංගීත සංදර්ශනයක් නරඹා ආපසු එමින් සිටියදී ඔවුන් ගමන්ගත් යතුරු පැදිය බොරකන්ද වංගුවේදී තාප්පයක හැපීමෙන් අනතුර සිදුව ඇත.
එම ස්ථානයේදීම 19 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා පළමුව ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත මාරු කර තිබේ.
පොලිසිය පැවසුවේ පසුගිය මාසයේ 23 වැනි දිනද මෙම ස්ථානයේ මේ ආකාරයටම යතුරු පැදියක් තාප්පයේ හැපි එහි ගමන්ගත් තරුණයින් දෙදෙනාම මියගිය බවයි. අනතුර සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd