IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටී අයෙක් මරුට

(දිලීප් ජයසේකර සහ රුක්මන් රත්නායක)
 
හම්බන්තොට සිට වීරවිල දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක් වීරවිල ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් වූ අනතුරකින් අද(20) පුද්ගලයෙක් මියගොස් ඇතැයි  වීරවිල පොලීසිය පවසයි.
 
මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන්ගත්, තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඩබ්ලිව්.ඒ.එස්.බණ්ඩාර නැමති 38 හැවිරිදි පුද්ගලයෙකි.
 
ටිපර් රථය හම්බන්තොට සිට වීරවිල දෙසට ගමන් කරමින් සිට ඇති අතර ත්‍රිරෝද රථය වීරවිල ගුවන් හමුදා කදවුර ඉදිරිපිට නවතා තිබී ඇත. ටිපර් රථ රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව ඉදිරිපිට මාර්ගය අයිනේ නවතා තිබූ ත්‍රි රෝද රථයේ ගැටී අනතුර සිදුව ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු වීරවිල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
සිද්ධිය සම්බන්ධයෙන් වීරවිල පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ෂණ පවත්වයි.



අදහස් (0)

ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site