(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
පන්නිපිටිය පොල්වත්ත හන්දියේදී ත්‍රිරෝද රථයක් සහ සුඛෝපබෝගී බස් රථයක් අද(12) ගැටී සිදු වූ අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් කාන්තාව මියගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බදුල්ල හිදගොඩ පස්සර පාර පදිංචිව සිටි චංචලා ඉෂානි ගුණරත්න නමැති 30 හැවිරිදි අයයි.
මාතර සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙමින් තිබූ බස් රථය පන්නිපිටිය හරහා කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී තලංගොඩ දෙස සිට පන්නිපිටිය දෙසට පැමිණෙමින් තිබූ ත්‍රිරෝද රථය පෙරළී බස් රථයේ ගැටී අනතුර සිදුව තිබේ.
තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් ත්‍රිරෝද රථයට ද බරපතල හානි සිදු වී තිබේ.
මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
==========================

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.