IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තරුණයකු මැරූවැයි අයියා මලෝ සැකපිට අත්අඩංගුවට

අජිත්ලාල් ශාන්තඋදය සහ මහින්ද අබේරත්න

හම්බෙගමුව නැබඩපැලැස්ස ප‍්‍රදේශයේ මාර්ගයක දී තියුණු ආයුධකින් ඇන විසිනව හැවිරිදි අවිවාහක තරුණයෙකු ඝාතනය කර ඇති බව හම්බගෙමුව පොලිසිය පවසයි.

ඝාතනය සම්බන්‍ධයෙන් එකම පවුලේ 25 හා 26 හැවිරිදි අයියා මලෝ දෙදෙනක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

මියගොස් ඇත්තේ හම්බෙගමුව, නැබඩපැලැස්ස ලිපිනයේ පදිංචිව සිටි බලපිටිය ලියනාරච්චිගේ සමන්සිරි හේරත් (29)යන අයයි.

එම තැනැත්තා නිවසුට තරමක් දුරින් පිහිටි නිවසක පැවති දැරියක  වැඩිවිය පැමිණීමේ මංගල උත්සවයකට ගොස් ආපසු එද්දී 28දා රාත‍්‍රී 11.00ට පමණ මෙසේ ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය කියයි.

මියගිය තරුණයා දරුවන් 14කින් යුතු පවුලක 13 වැනියාය. අවිවාහක ඔහු මහගෙදර පදිංචිව සිටින බව ඔහුගේ අක්කාකෙනක් වන බී.එල්.චන්‍ද්‍රකාන්ති හේරත් (33) තිදරු මව පැවසුවාය.

‘මල්ලිට මරණ තර්ජන තිබුණා. පොලිසියටත් පැමිණිලි කරලා තිබුණේ. ඇලබන්ට් එක උඩදි මල්ලිව මරාදාලා තිබුණේ. අපේ පවුලේ දරුවන් 14යි. මල්ලි 13 වැනියා. පිරිමි අටයි ගෑණු හයයි. මල්ලි අම්මාත් එක්ක මහ ගෙදර හිටියේ. විවාහවෙලා නෑ. ගොවිතැන් බත් කලේ.’ ඇය කීවාය.

මහමග වැටී තිබූ සිරුර ඊයේ 28දා උදෑසන හම්බෙගමුව රෝහලට ගෙනෙනු ලැබීය.

හම්බෙගමුව පොලිස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඞී.එම්. විජේසුන්දර මහතා ඇතුලූ නිලධාරීහූ පරීක්‍ෂණ පවත්වති.
 



අදහස් (0)

තරුණයකු මැරූවැයි අයියා මලෝ සැකපිට අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 88 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 885 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site