ඉන්දිකා රාමනායක
තාරකා ඉබ්බන් 27 දෙනෙකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණය හමුවේ වරද පිළිගත් විත්තිකරුවකුට අතිරේක මහේස්ත‍්‍රාත් අරුණ ආටිගල මහත්මිය අද (28) රුපියල් එක් ලක්ෂ තිස්දහසක දඩයක් නියම කළාය.
මෙලෙස දඩ මුදල් නියම වුයේ කොළඹ 7 බුලර්ස් පටුමගේ පදිංචි එච් ඩී රොෂාන් නිශාන්ත තැමැත්තාය.
සැකකරු පදිංචි මහල් නිවසේ තාරකා ඉබ්බන් ඇති කරන බවට වනජීවි දෙපාර්තමේන්තුව වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම තාරකා ඉබ්බන් 27 දෙනා වනජීවි නිලධාරීන් බාරයට ගෙන තිබු බව අධිකරණයෙන් වාර්තා වේ.
ස්වාභාවික පරිසරයෙන් තාරකා ඉබ්බන් 27 දෙනෙකු අල්ලා ගැනීම, දැඩි ආරක්ෂිත උරග විශේෂයක් වන තාරකා ඉබ්බන් 27 දෙනකු සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd