IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ත්‍රිකුණාමල කප්පල්තුරෙයි වැසියෝ උද්ඝෝෂණයක

( අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය කප්පල්තුරෙයි ප්‍රදේශයේ  පදිංචි කරුවන් කොටසක් එම ඉඩම්වලින් ඉවත් කිරිමට කුමන්ත්‍රණයක් පවතින බැව්  කියමින් එම පදිංචිකරුවන්  අද (29) ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නියැලිණි.

 

1975 වසරේ සිට පදිංචි තම ඉඩම් 1984 දි වරාය ඉඩම් බවට ගැසට් කර ඉකුත් දින වල එම ඉඩම් වරාය අධිකාරිය සතු ඉඩම් බවට නාම පුවරුවක් යොදා ඇතැයි උද්ඝෝෂකයෝ  පැවසුහ.


මෙම ඉඩම් වරාය අධිකාරි සතු ඉඩම් බවට පවසා තමන්ව ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක් දියත් වන බව උද්ඝෝෂකයෝ මෙහිදි පැවසුහ.

 

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන  කමිටු රැස්විම දිසාපති  කාර්යාල පරිශ්‍රය තුළ  පැවැත්වෙන අවස්ථාවේදි සිදුවු මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් කරුණු දැක්වු  දිසාපති එන්.ඒ.ඒ.පුෂ්පකුමාර මහතා  පැවසුවේ අදාල ඉඩම් වලින් එම පිරිස් ඉවත් නොකරන බවය.

 

 එම ඉඩම් වරාය ඉඩම් ලෙස ගැසට් කර ඇති බවත් එම ගැසට් නිවේදනයෙන් ඉඩම් නිදහස් කර ගැනිමෙන් පසු  එම අයට ලබාදිමට කටයුතු කරන බැව් කීය.



අදහස් (0)

ත්‍රිකුණාමල කප්පල්තුරෙයි වැසියෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site