ඔගස්ටින් ප්‍රනාන්දු
නාත්තණ්ඩිය කුලියාපිටිය මාර්ගයේ තබ්බෝව ප්‍රදේශයේ දි සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබු කාන්තාවක් අද ( 13 ) මිය ගොස් ඇති බව දුම්මලසුරිය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නාත්තණ්ඩිය තබ්බෝව ප්‍රදේශයේ විසු චිත්‍රා ජයකොඩි ( 39 ) නමැති කාන්තාවකි.
මිය ගිය කාන්තාව කැබ් රථයකින් නාත්තණ්ඩිය උඩුබද්දාව කුලියාපිටිය මාර්ගයේ ගමන් කරමින් සිටිය දි කැබ් රථය පසු පසින් නාත්තණ්ඩියේ සිටි උඩුබද්දාව දෙසට ගමන් ගත් වේගය පාලනය කර ගත නොහැකිව ගොස් ඉදිරියෙන් ගමන් ගත් කැබ් රථයේ ගැටි බරපතල ලෙසින් අනතුරකට ලක්ව ඇත.
එහිදි කැබ් රථයේ ගමන් ගත් කාන්තාව බරපතල ලෙසින් තුවාල ලබා රෝහල් ගත කළ පසු මිය ගොස් ඇත.
අනතුරට සම්බන්ධ පෞද්ගලික බසය හා එහි රියදුරු අත් අඩංගුවට ගත් අතර දුම්මලසුරිය පොලිසිය වැඩිදුරටත් පරික්ෂණ සිදු කරයි.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd