(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කටුවන රුක්මල් පිටිය තැපැල් ස්ථානාධිපතිවරයාට යතුරු පැදියකින් පැමිණ පහර දුන් පුද්ගලයින් තිදෙනා අද රාත්‍රී 7.00 ට පමණ දංගල කන්ද ප්‍රදේශයේ දී කටුවන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
පහර කෑමට ලක්වූ තැපැල් ස්ථානාධිපතිවරයා දංගල කන්ද ප්‍රදේශයේ පදිංචි ආබාධිත පුද්ගලයකුට ආබාධිත මුදල් ගෙවීම සඳහා ඔහුගේ නිවස අසලට ගොස් නිවස ඉදිරිපිට මාර්ගයේ යතුරුපැදිය නවතා තිබූ අවස්ථාවේ දී යතුරුපැදියකින් පැමිණි මෙම පුද්ගලයින් තිදෙනා ස්ථානාධිපතිවරයාට පහරදී ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇත .
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 26, 27, 28 වයස් සීමාවල පසුවන අතර අද රාත්‍රී වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය .
පාර කෑමට ලක් වූ ස්ථානාධිපතිවරයා මේ වන විට කටුවන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
(ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ)


COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අවදානම් අවස්ථාවේ රජයේ නිලධාරීන්ගේ සේවයට බාධා ඇතිකළ මෙම තිරිසනුන්ට ඉදිරියේදී යහපත් සෞඛ්‍ය තත්වයෙන් ජීවිතය ගෙනයාමට ඉඩදීම සුදුසුද නැද්ද? ඕනෑම කෙනෙකුට වැටහෙන බැවින් මෙම කාලකනින්න්ට වේදනාකාරී ජිවිත ගතකිරීමට කටයුතු සැලැස්වීම සමාජයට කරන පිනකි.
උපරිම දඬුවම් ලබාදෙන්න ...
ඕනෑම දෙයක දෙපැත්තක් ඇත. මෙහි තියෙන්නේ එක පැත්තක් ගැන විතරය. කතාව සම්පුර්ණයෙන් දන්නේ නැතුව ප්‍රතිචාර දක්වන්න එපා