ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන තමිල්නාඩු ධීවරයින් 61 දෙනා ලබන ජනවාරි 14 වැනිදාට යෙදෙන තෛපොංගල් දිනට පෙර නිදහස් කරන්නැයි තමිල්නාඩු ඒඅයිඒඩීඑම්කේ පක්ෂයේ නව මහ ලේකම් වී.කේ.ශෂිකලා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය කියයි.