අනීෂා මානගේ
ඇඳිරිනීතිය ඉවත්කළ ප්‍රදේශවල සුරාසැල් විවෘත කිරීමට ගත් තීරණයක් හේතුවෙන් තංගල්ල නගරයේ සුරාසැල් අසල ජනතාව ඒකරාශී වීමෙන් දැඩි නොසන්සුන්තාවක් අද(13) දක්නට හැකිවිය.
දීර්ඝ කාලයක් තිස්සේ වසාදමා තිබුණු සුරාසැල් විවෘත කිරීමෙන් පසු පාරිභෝගික ජනතාව විශාල පිරිසක් සුරාසැල් අසල රැඳි සිටිනු දක්නට ලැබිණි.
සෞඛ්‍ය අංශ නියම කළ සෞඛ්‍යආරක්ෂිත ක්‍රමවේද උල්ලංඝනය කරමින් ඒකරාශී වෙමින් ජනතාව කලබලකාරී ලෙස හැසිරුණු අතර සමාජ දුරස්ථබාවය පවත්වා ගැනීම සඳහා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ටද මැදිහත්වීමට සිදුවිය.
කෙසේ වුවද පොලිස් නිලධාරීන්ටද ජනතාව පාලනය කරගැනීමට අපහසු වූ ආකාරය දක්නට හැකිවිය.
සුරාසැල් අසල ජනතාව ඒකරාශී වී සිටීම හේතුවෙන් තංගල්ල ඇන්නපිටිය මාර්ගයේ අධික රථවාහන තදබදයක්ද හටගෙන තිබිණ.




COMMENTS
මීටරය සෙන්ටිමීටරය වෙලා.
ලංකාවේ මිනිස්සුන්ට කන්න සල්ලි නෑ. නමුත් අරක්කු වලට සල්ලි තියෙනවා රජයෙන් 5000 දුන්නා. තවත් මැරෙන්න හදනවා. අනේ මෙහෙම රටක්.
ඔය බාර් පසුගිය දිනවලත් සාමාන්‍ය පරිදි විවෘත කරලා තිබුන නම් මිනිස්සු පොරකන්නේ නැත. ඕවා සාමන්‍ය පරිදි දිනපතා ඇරලා තබන්න. එවිට මිනිස්සු කොරෝනා නීතිරීති වලට අනුකුලව පෝලිමේ සිට අරක්කු මිලදී ගනීවි. ඕවා වහල දැම්මම පෝසත් වෙන්නේ කසිප්පු මුදලාලි පමණි. බොන මිනිහා කසිප්පු හරි බොනවා.
ජනතාවගේ මූලික අවශ්‍යතාවයක්.