IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


තංගල්ල රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

(අනීෂා මානගේ)

තංගල්ල මූලික රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) විවෘත කෙරිණි.

තංගල්ල රුහුණු කරළිය සංවිධානය, දකුණු පළාත් සභාව සහ රෝහල් සංවර්ධන කමිටුවේ මූල්‍ය දායකත්වයෙන් මෙම වාට්ටු සංකීර්ණය ඉදිකර තිබේ.

මෙම ළමා වාට්ටු සංකීර්ණය මහල් තුනකින් සමන්විත වන අතර මෙය ඉදිකිරීමට රුපියල් ලක්ෂ පන්සිය පනහක පමණ මුදලක් වැය වී තිබේ.

මෙම ළමා වාට්ටුව සඳහා රුපියල් ලක්ෂ අසූවක වෛද්‍ය උපකරණද මහින්ද රාජපක්ෂ මහතා විසින් තංගල්ල මූලික රෝහලට ලබා දුන්නේය.

මෙම අවස්ථාවට සහභාගි වූ කාන්තා සහ ළමා කටයුතු, සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය මෙසේ පැවසුවාය,

           ‘‘තංගල්ල රෝහලේ ඉඩකඩ සලකා බලමින් පවරා ගැනීමට හැකි අවට ඉඩම් සම්බන්ධයෙන් සලකා බලමින් ලංකාවේ තිබෙන ඉහළම ගණයේ මූලික රෝහලක් බවට තංගල්ල මූලික රෝහල පරිවර්තනය කර කලින් සැලසුම් කළ ගොඩනැගිලි සංකීර්ණයක් ලබා දෙන්නැයි අගමැතිතුමා උපදෙස් දුන්නා.

තංගල්ල මූලික රෝහල දැනට තිබෙන තත්ත්වයට වඩා විදිමත් සැලසුමකට අනුව ලංකාවේ තිබෙන ඉහළම මට්ටමේ රෝහලක් බවට පත් කිරීමට අපි කටයුතු කරනවා‘‘ යැයි අමාත්‍යවරිය පැවසුවාය.

මේ අවස්ථාවට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක තංගල්ල වජිරිගිරිය සහ රත්මලාන චකින්දාරාම විහාරස්ථානවල විහාරාධිපති තංගල්ල මූලික රෝහල් කමිටුවේ අනුශාසක මිරිස්සේ ධම්මවංශ හිමි, ප්‍රවාහන සේවා කළමණාකරන, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඩී.වී.උපුල්, අජිත් රාජපක්ෂ යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය සභා සහ නගරසභා මන්ත්‍රීවරුන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලයේ පිරිසක් එක්වූහ.

 



අදහස් (1)

තංගල්ල රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

de silva Wednesday, 15 January 2020 03:21 PM

ගෝඨාබය මහත්මය කරුණාකර රාත්‍රී 8 පසු තංගල්ල රෝහලේ 8 වාට්ටුව ගැන සොයා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site