(අනීෂා මානගේ)
තංගල්ල කඳුරුපොකුණ දෙහිගහහේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අද(24) උදෑසන පුද්ගල මළ සිරුරක් තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පදිංචි ටී.එල්.ඒ.ප්‍රියන්ත(53) නම් අයකු බව පොලිසිය කියයි. මොහු හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වැඩසටහන් සැලසුම් සහකාර නිලධාරියකු ලෙස සේවය කරමින් සිටි අයෙකු බව හඳුනාගෙන ඇත.
මෙම පුද්ගලයාගේ මළ සිරුර ඔහුගේ නිවස ඉදිරිපස තිබෙනු දුටු ප්‍රදේශවාසීන් මේ පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය දැනුම්වත් කර තිබේ. පසුව එහි නිලධාරීන් එම පුද්ගලයාගේ නිවෙසට ගොස් මේ සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසියට දැනුම් දී ඇත.
මිය ගිය පුද්ගලයා ඊයේ(23) දිනයේදී සේවයට වාර්තා කර නොමැති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd