(අනීෂා මානගේ)
තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයාගේ ඥාතියකුටද කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගැනීම හේතුවෙන් තංගල්ල නගරයේ සතිඅන්ත උපකාරක පන්ති පැවැත්වීම හෙට(18) සිට තාවකාලිකව නැවැත්වූ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචි අයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඉකුත් 12 වැනිදා සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන තිබූ අතර ඉන්පසුව ඔහුගේ ඥාතීන් 6 දෙනකු පසුගියදා (13) බියගම නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබිණි.
එහිදි සිදුකළැයි කියන පීසීආර් පරීක්ෂණවලදී මෙම පුද්ගලයාගේ ඥාතියකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ(16) තහවුරු වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පැවසීය.
පසුගිය දිනවලදී නිරෝධායනය කරන ලද පුද්ගලයන් පීසීආර් පරීක්ෂණවලට යොමුකර ප්‍රතිඵල ලැබෙන තෙක් හෙට(18) ආරම්භ කිරීමට නියමිතව තිබූ තංගල්ල නගරයේ උපකාරක පන්ති පැවැත්වීම තාවකාලිකව නවතා දැමූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තංගල්ලේ පමණක් නොව මුළු රටේම උපකාරක පංති වහලා දමන්න.
මේ තත්වය රටේම ඇති වෙන්න කලින් වහාම උපකාරක පන්ති වල ලමයි සංඛ්‍යාව අඩු කරන්න. ගාල්ලේ පන්ති ගන්න දෙයක් නැහැ. එම නිසා උපරිම ලමයි සංඛ්‍යව 100 කට සිමා කරන්න. කොච්චර ඉඩ කඩ තිබුණත් වැඩේ වැරදුනොත් සුනේ සුං. ඊට අඩු වුනොත් වඩාත් හොදයි.