IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩහැරියැයි මුවර්ස් ක්‍රීඩාපිටියේ කළමනාකරුට දඩ

(ජයන්ත සමරකෝන්)

කොම්පඤ්ඤවීදිය, මුත්තයියා පාර මුවර්ස් ක්‍රීඩා පිටියේ වතුර රැඳුණු ටයර් තොගයක් තුළ ඩෙංගු මදුරු කීටයන් බෝවීමට ඉඩහැරීමේ චෝදනාවට ලක්වූ එහි කළමනාකරුට මාළිගාකන්ද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා රුපියල් 20,000ක දඩයක් නියම කර දැඩි ලෙස අවවාද කර ඇත.

මීට පෙර වතාවකදීද ඩෙංගු මදුරු කීටයන් බෝවීමට ඉඩහැරීමේ චෝදනාව මත මෙම විත්තිකරුට රුපියල් 4,000ක දඩයක් නියම කර ඇතැයි වෑකන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්‍රිෂාන්ත සෙනෙවිරත්න මහතා පැවසීය.

යළිත් මෙවැනි චෝදනාවකට වරදකරු වුවහොත් සිර දඬුවම් නියම කරන බවට මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට දැනුම් දුන් බවද ඒ මහතා කීය.

වෑකන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්‍රිෂාන්ත සෙනෙවිරත්න මහතා විසින් මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.



අදහස් (0)

ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩහැරියැයි මුවර්ස් ක්‍රීඩාපිටියේ කළමනාකරුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site