IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ටී 56 ගිනි අවියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(ජුඩ් සමන්ත)


ටී 56 වර්ගයේ උණ්ඩ  යෙදිය හැකි ගල් කටස් වර්ගයේ මෙරට නිපදවන ලද ගිනි අවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ දුම්මලදෙණිය සහ සිරිගම්පල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

ඊයේ රාත්‍රීයේ සැකකරුවන් දෙදෙනා වෙන්නප්පුව - බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ නිවසකට යතුරු පැදියකින් ගොස් වෙඩි තැබීමක් සිදු කිරීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිටි කීප දෙනෙකු සැකකරුවන් දෙදෙනා අල්ලා ගෙන ඔවුන්ට පහර දී ඇති බව පොලීසිය කියයි.

පසුව එම නිවැසියන් සැකකරුවන් දෙදෙනා ද, ගල් කටස් වර්ගයේ ගිනි අවිය,ටී.56 වර්ගයේ ජීව උණ්ඩය සහ යතුරුපැදිය ද සමඟ පොලීසියට බාර දී තිබේ.

රෝහල් ගත කර ඇති එක් තරුණයකු බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවත්, එම සම්බන්ධය මෙම ගැටුමට හේතුව වී ඇති බවත් පොලීසිය කියයි.

රෝහල් ගතකර ඇති සැකකරුවන් දෙදෙනාට පොලිස් ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇත.



අදහස් (0)

ටී 56 ගිනි අවියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site