(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව, ජයන්තිපුර, තඹලවැව ප‍්‍රදේශයේ පිහිටි නිවෙසක පිටුපස ගල් ගොඩක් යට සඟවා තිබූ ටී 56 ස්වයංක‍්‍රීය ගිනි අවියක කොටස් ඇතුළු යුද උපකරණ තොගයක් අද (17) සොයා ගත්බව මින්නේරිය පොලිසිය කියයි.
එහි තිබූ අනෙකුත් උපකරණ අතර මැගසින් 2ක්, උණ්ඩ බහාලන උරයක් (පූචස්01ක්), කොක් කැරියර් 2ක්, යුද උපකරණ බහාලන උරයක් (පැක් එකක්) සහ කඩු 3ක් වන බවද පොලීසිය සඳහන් කළේය.
මේ නිවෙස යුද හමුදාවේ විශේෂ බළකා සෙබළෙකුට අයත් එකක් බවද විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය කියයි.
මින්නේරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd