( දියතලාව - ඩී.කේ.රත්න )
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලුල්ල පාසල අසලදී ගුවන් හමුදා ට්‍රක් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් වෑන් රථයේ ගමන් ගත් එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ගුවන්හමුදා නිලධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මොනරාගල සිරිගල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.
තණමල්විල ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ ගුවන් හමුදාවට අයත් ට්‍රක් රථයක් සහ වැල්ලවාය ප්‍රදේශයේ සිට තණමල්විල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු ලෙස සේවය කල බුත්තල කටුගහගල්ගේ ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.උපුල් ශාන්ත කුමාර (46) සහ සුදර්ශණී රේණුකා කුමාරි (49) යන අය අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මියගිය දෙදෙනාගෙන් ආර්.එම්.උපුල් ශාන්ත කුමාර යන අයගේ මෘත දේහය හදපානාගල රෝහලේද සුදර්ශණී රේණුකා කුමාරි යන අයගේ මෘත දේහය තණමල්විල රෝහලේද තැන්පත් කර ඇත.
කුඩාඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි කුඩාඔය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ට්‍රක් - වෑන් අනතුරින් දෙදෙනෙකු මරුට