(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
පොසොන් පොහොයට වන්දනාවේ යමින් සිටි තරුණයින් පිරිසක් රැගත් ට්‍රැක්ටරයක් මාතර කොටුවේගොඩ ප්‍රදේශයේදී පෙරැළි අනතුරට ලක් වීමෙන් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
ට්‍රැක්ටරයේ ටේලරයට යටවීමෙන් මරුමුවට පත්වූයේ කිරින්ද ඕවිටිගමුවේ පදිංචිව සිටි එදිරප්පුලිගේ චානක සුපුන් සම්පත් (19) නැමැති අවිවාහක තරුණයෙකි.
තුවාලකරුවන් මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර ඒ අතර 12 හැවිරිදි පිරිමි දරුවකු ද සිටින බව පොලීසිය කියයි.
ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd