IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ට්‍රැක්ටරය ඔයට පෙරැළී පුද්ගලයකු මරුට

(ඩබ් ඒ පියතිලක)

මැදිරිගිරිය පඹුරාණ ප්‍රදේශයේ මින්නේරිය ඔයට  ට්‍රැක්ටර්  රථයක් පෙරැළීමෙන් 38 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බව මැදිරිගිරිය පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව මැදිරිගිරිය පදිංචි මල්ලව ආරච්චිලාගේ සුමිත් මල්ලව ආරච්චි (38) හැවිරිදි අවිවාහකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය කළ  විමර්ශන අනුව  මෙම පුද්ගලයා දිග්ගල්පුර සිට පඹුරාණ මින්නේරිය ඔය පාරේ අක්කර 10 කුඹුරු යාය තුළ ගොයම් කපන යන්ත්‍රය ට්‍රැක්ටර්  රථයේ පටවාගෙන ගොයම් කැපීම  සඳහා ගොස් තිබේ. 

ට්‍රැක්ටර් රථය ඉවත් කර ගැනීමට නොහැකි වීමෙන් මැදිරිගිරිය පොලිසියට පැවැසිමෙන් පසු මැදිරිගිරිය පොලිස් නිලධාරින් විසින්  කුඩා දොඹකරයක් රැගෙන විත් ට්‍රැක්ටරය සහ ට්‍රේලරය ඉවත් කිරිමෙන් පසු  යට වී සිටි රියදුරා ගොඩට ගෙන මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ වන විටත් එම පුද්ගලයා මරණයට පත්ව  ඇති බව වෛද්‍යවරු පවසා තිබේ. මේවන විට මියගිය අයගේ මෘත දේහය මැදිරිගිරිය රෝහලේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ට්‍රැක්ටරය ඔයට පෙරැළී පුද්ගලයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site