ජුඩ් සමන්ත
හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් තුනයි මිලිග්‍රෑම් 30 ක් සහ ටැමඩෝල් පෙති දෙකක් සමඟ සැකකරුවකු පුත්තලම - රත්මල්යාය ප්‍රදේශයේ දී ඊයේ (28) සවස අත්අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත්වී ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පුත්තලම -තිල්අඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සහ ඔහු සන්තකයේ තිබූ හෙරෝයින් මත්කුඩු සහ ටැමඩෝල් පෙති පුත්තලම පොලීසියට බාර දීමට වැටලීම කළ නිලධාරීන් කටයුතු කර ඇත.
සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd