(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)
සේරුනුවර සිට කොළඹ බලා ධාවනය වු වැලි පැටවූ ටිපර් රථයකට හැපී පාර මාරුවෙමින් සිටි මී ගව රංචුවක 9 දෙනෙකු මියගොස් 3 දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි සූරියපුර පොලිසිය කියයි.
මේ වනවිට ටිපර් රථය හා එහි රියදුරු පොලිස් භාරයට ගෙන ඇති අතර මී ගවයන් ගැටීමෙන් ටිපර් රථයේ ඉදිරිපස හා එහි ලාම්පුවලට හානි සිදුවි තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ අධික වේගයෙන් ධාවන වු බවට සැකසිතන ටිපර් රථයේ ගැටුනු මී ගවයන් මාර්ගය දෙපසට විසිවී ගොස් තුවාල ලබා හා මියගොස් ඇතැයි පොලිසිය කියයි.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.