දිල්රුක්ෂි ග්‍රේරු                          

                        
වැලි ටිපරයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මොරගහකන්ද ජලාශ වැඩ භූමිය ආසන්නයේදී අද (8) සවස සිදු වු අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ තරුණයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මාතලේ මහවෙල ප්‍රදේශයේ පදිංචි ⁣මෙම තරුණයින් දෙදෙනාගෙන් එක් අයකු යුද හමුදා සෙබළකු වන අතර ⁣අනෙකා පෙදරේරුවෙකි.

අද දහවල්  නකල්ස් නැරඹිමට ගොස් අනතුරුව මොරගහකන්ද ජලාශය නැරඹිමට යන අතර තුරදි ජලාශ භුමි මාර්ගයේ වංගු සහිත ප්‍රදේශයකදි ඉදිරියෙන් පැමිණි ටිපරයට මොවුන් පැමිණි යතුරු පැදිය යට වී තිබේ.

තරුණයින්  දෙදෙනා එම ස්ථානයේම මිය ගොස් ඇති අතර සිරුරු දඹුල්ල රෝහල⁣ට යවා තිබේ.

ටිපරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ නාවුල පොලීසිය සිදු කරයි.