IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ටිපර් අනතුරකින් දෙදෙනක් මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන)
                         

ආණමඩුව හලාවත මාර්ගයේ උපපලවත්ත ප්‍රදේශයේ අද ( 9 ) සිදුවු ටිපර් යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරණයට පත්ව තවත් අයකු සුළු තුවාල ලබා  ඇති බව ආණමඩුව පොලිසිය කියයි.


මෙසේ මරණයට පත්ව ඇත්තේ ආණමඩුව වඩක්කරවැව පදිංචි ජයකොඩි ආරච්චිගේ ඩිංගිරි අප්පු ( 56 ) තිදරු පියකු හා ජයකොඩි ආරච්චිගේ ප්‍රියන්ත විජේකුමාර ( 36 ) එක්දරු පියකු බව කියයි .


මරණයට පත් දෙදෙනා ඥාතින් වන අතර මොවුන් මාමා හා බෑනා ලෙස පැවසෙයි .


මරණයට පත් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය ආණමඩුව හලාවත මාර්ගයේ උප්පලවත්ත ගල්වංගුව ප්‍රදේශයේ සිටියදී මොවුන් ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක් ඉස්සර කරමින් සිටියදී   විරුද්ධ දිශාවෙන් පැමිනි ටිපර් රථයක මුහුණුට මුහුණ ගැටි තිබේ.


අනතුරින් බරපතල ලෙස තුවාල ලබා සිටි තුවාල කරුවන් දෙදෙනා ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්වි සිටි බව කියයි.



අදහස් (0)

ටිපර් අනතුරකින් දෙදෙනක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 714 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site