(රොමේෂ් මධුෂංඛ)
මන්නාරමේ ස්ථාන දෙකක ඉදි කර තිබූ ජේසුස් වහන්සේගේ පිළිම දෙකක් බදාදා (13) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් හානි කරනු ලැබ ඇති බවට ප්‍රදේශවාසීහු පවසති.
මන්නාරම් යාපනය ප්‍රධාන මාර්ගයේ නායාත්තුවලි ප්‍රදේශයේ තිබූ පිළිරුවට සහ මන්නාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ නොච්චිකුලම් රෝමානු කතෝලික පාසල ඉදිරිපිට තිබූ පිළිරුවට මෙලෙස හානි කර තිබේ.
මෙසේ හානි සිදු කළේ කවුරුන් විසින්දැයි මෙතෙක් හෙළි වී නොමැති අතර අදාළ පිරිස් සොයා මන්නාරම් පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අන්තවාදීන්ගේ වැඩ වහාම අන්තවන්දින්ට එරිහිව වැඩ කල යුතුය.
මේ රට ගමන් කරන්නේ ලොකු අගාදයකට.
තව මුසල්මානු අන්තවාදීන් ලංකාවට ගෙන්න ගන්න. තව හොඳ හොඳ සෙල්ලම් එතකොට බලාගන්න පුළුවන්
මේක කරපු කට්ටියට කතෝලිකයන් වශයෙන් අපි සමාව දෙනවා, එත් කාගේ හෝ වුවමනාවකට, පටු අරමුණින් මේ කරපු දේට, තමුන්ගේ හදවතින් සමාව ඉල්ලන්න, හදවත කවදාවත් සමාවක් නොදේවි.
පිළිම වල ජේසු තුමන් නෑ, පිළිම වැඳීම ජේසුතුමා හා බයිබලයේ සම්පුර්ණයෙන්ම තහනම් කර තිබෙන්නේ.
මේ වැඩ කරන අයට මැද පෙරදිග දඬුවම් දෙන්න ඕනේ. තම තමන්ගේ අනන්‍යතාවය පිට අයට ප්‍රශ්නයක් නොවිය යුතුය. හැබැයි මේක කලේ ආරක්ෂක හමුදාවන්ට මඩ ගහන්න වෙන්නත් බැරි නැහැ.