(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරන්තුඩුව ගෝනදූව ප්‍රදේශයේදී ධාවනය ජල බවුසරයක ගැටී මාර්ගය හරහා ගමන්කරමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මොරන්තුඩුව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ 46 හැවිරිදි විජිත් කුමාර නමැති එක්දරු පියෙකි.
බණ්ඩාරගම සිට මොරන්තුඩුව දෙසට දාවනය වූ බවුසරය ගෝනදූව රෝහල අසළින් හොරණ මාර්ගයට හැරවීමේදී ඒ අසළ සිටි පුද්ගලයා එක්වරම පාර මාරුවීමට යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුරට ලක්වූ පුද්ගලයා එම අවස්ථාවේදී ම මියගොස් ඇත.
මෙම පුද්ගලයා පාර මාරුවීමේදී රියෙහි ගැටුණාද නැත්නම් බවුසරය වෙත පැන්නාද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd