IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජලය ඉල්ලා පුත්තලම ගම්වැසියෝ විරෝධයක


 
( එච්. චන්දන )


ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය  මගින් ලබාදෙන ජලය දැනට දින 5 ක සිට නොලැබුණු බව කියමින් ප්‍රදේශවාසීහු අද (16) උදෑසන පුත්තලම එම කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයක් ඇරඹුහ.


එක් දිනක් ජලය  නිකුත් නොකර බව පවසා දින 5 ක් ජලය ලබා නොදීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වී ඇති බවත්,මේ නිසා ඇඳුම් සොදා ගැනීමට නොහැකිව අද දින සමහර දරුවන් පාසල් නොගිය බවත් ඔවුහු පවසති.


එම පිරිස අතර එක් පුද්ගලයකු එම කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර  වන ලෙස ‍පෙට්‍රරල් බෝතලයක් තබා ගෙන මෙයට නිසි විසඳුමක් නොලැබේ නම් තම සිරුරට ගිනි තබා ගන්නා බවද බව  ඔහු පවසයි.


අපිට නල ජලය නොමැති නම් ජලය ලබා ගැනීමට කිසිදු වැවක්, ළිඳක් නොමැති බවත් නල මගින් ජලය දෙන්න අපහසු නම් බවුසර් මගින් ජලය ලබාදීම යුතුකමක් වන බවත් මෙම ආයතනය කිසිදු වගකීමකින් තොරව වැඩ කරන බව ගම්මු චෝදනා කරති.


මේ පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ දිස්ත්‍රික් ඉංජිනේරු අරුණ රන්දෙණිය මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ නව ජලනල පද්ධතියේ වැඩ කටයුතු නිසා කිසියම් ප්‍රමාදයක් සිදුවන බවත් අද (16) සවස් වන විට ජලය ලබාදීමට හැකි බවත්ය.



අදහස් (0)

ජලය ඉල්ලා පුත්තලම ගම්වැසියෝ විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site