වයික්කාල සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ජර්මන් ජාතික කුඩා දරුවෙකු විදුලිය සැර වැදීමෙන් මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ ජර්මන් ජාතික ලොයිඩ් හෙන්ඩ්‍රික් (අවුරුදු 1 යි මාස 10) නම් වූ කුඩා දරුවෙකි.
සිය මව්පියන් භෝජනාගාරයේ රාත්‍රී ආහාර ගනිමින් සිටින විට දරුවා බිම සෙල්ලම් කරමින් සිට ඇතැයි විමර්ශන වලදී අනාවරණය වී ඇත. භෝජනාගාරයේ බිම තිබූ අනාරක්ෂිත විදුලිය රැහැනක් දරුවා ස්පර්ශ කර ඇති බවත් එයින් විදුලි සැර වැදුණු දරුවා රෝහල්ගත කරනු ලැබූ බවත් දෙමාපියෝ කියති.

COMMENTS
අසරණ දරුවා මොනවා තේරෙනවාද දන්නේ නෑ (ම)
ඔන්න ලංකාවේ සංචාරක හෝටල් (ම)
සමහර සංචාරක හෝටල් වල අයකිරීම ඩොලර් වලින්. නමුත් වැඩ රුපියල් වලින්. ඒ දෙමව්පියන්ට මොන ගින්නක්ද? (නි)
සොයා බලා නඩු පැවරිය යුතුයි.(හේ)