(එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම - කුරුණෑගල මාර්ගයේ 8 කණුව ප්‍රදේශයේ ජිප් රථයක ගැටී තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ 13 හැවිරිදි පාසැල් දැරියක් මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි.
අද 17 පාසල නිමවී බස් රථයෙන් බැස සිය නිවස බලා යමින් සිටි මෙම දැරිය ආණමඩුව ප්‍රදේශයේ සිට පැමිණි ජිප් රථයක ගැටී තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. ප්‍රථිකාර ලබමින් සිටි මෙම දැරිය පස්වරු 5.00 පමණ මිය ගොස් තිබේ.
ජිප් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd